By unusuma.lk on
(LK time)තමා විසින් රුපියල් 20,000 ක මුදලක් ගෙවා නිලන්ති කොට්ටේහච්චි මහත්මිය හෝටලයක රැගෙන ගිය බවට පොහොට්ටුවේ දේශපාලණ ක්‍රියාකාරිකයෙකු විසින් පළ කර තිබූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ඇයගේ නීතිඥයා විසින් අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළේය.
ඒ අනුව තම සේවා දායිකාවට ඉන් සිදුවූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක ලෙස එම පැමිණිල්ල මගින් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
නීතිඥ නාමල් මහතා එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සේවාදායිකාව මේ ආකාරයේ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් එම පුද්ගලයා කිසි දිනක හඳුනන්නේ නොමැති බවත්ය.
කාන්තාවකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට මේ ආකාරයේ බරපතල අපහාසයක් සිදුකිරීම ඉතාමත් බංකොලොත් සහ පහත් ක්‍රියාවක් බවත් පැරණි මඩ දේශපාලණ සංස්කෘතිය අවසන් කිරීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් නීතිඥ නාමල් මහතා මෙහිදී අවධාරණය කළේය.