By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට නාමයෝජනා පත්ර 764ක් ලැබි තිබුණ බවත් ඉන් නාමයෝජනා පත්ර 74ක් ප්රතික්ෂේප වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
ඒ අනුව මැතිවරණයේදි මැතිවරණ කොට්ඨාස 22 සඳහා කණ්ඩායම් 690ක් තරග වදින බවත් දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයෙන් වැඩිම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ප්රමාණයක් තරග කරන බවද සදහන් කරයි.
එම කොට්ඨාසයට කණ්ඩායම් 64ක් තරග වදින අතර පොළොන්නරුව, මොනරාගල දිස්ත්රිකක්ක දෙකෙන් අවමය දක්නට ලැබෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වූ අතර ඉදිරි දින කිහිපය තුළදී එක් එක් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ට ලැබි යුතු මානප අංක ලබාදීම සිදුකිරීමට නියමිතව ඇත.