By unusuma.lk on [last-modified] (LK time)
නොරොච්චෝල, නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පිරිමි පුද්ගලයා සහ එක් කාන්තාවක් මියගොස් ඇත.
පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් බවත් මියගිය කාන්තාව වයස අවුරුදු 35ක් බව නොරොච්චෝල පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.






