By unusuma.lk on
(LK time)රථ වාහන අනතුරු වලින් වැළකීම සදහා ආරක්ෂක පියවර අනුගමනය කරන්නැයි ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ රියැදුරන් හා පදිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
අධික වේගයෙන් රිය පැදවීම, ආරක්ෂක ආසන පටි නොපැලඳීම, බීමත්ව රිය පැදවීම ද අනතුරු සිදුවීමටත් අනතුරු වලදී බරපතළ තුවාල සිදුවීමටත් හේතු වන බව අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සදහන් කරයි.
මේ වනවිට රිය අනතුරුවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බවත් යතුරු පැදිවල ගමන් කරන්නන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සදහන් කරයි.
අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සදහන් කළේ,
“සැලකිලිමත් වුණොත් මාර්ග අනතුරු වළක්වා ගන්න පුළුවන්. ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග අනුගමනය අවශ්‍යමයි. ආසන පටි පැලඳීමත් යතුරු පැදිවල ආරක්ෂක හිස් වැසුම් පැලඳීමත් අවශ්‍යයි.
අපේ නිරීක්‍ෂණ අනුව හිස් වැසුම් නොපලදින පැදිකරුවන් මෙන්ම ආසන පටි නොපලඳීන රථ වාහනවල ගමන් කරන අය අනතුරු වලදී වඩාත් දරුණු තුවාල ලබනවා. මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.”