By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන රැකියා ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
මුහුණු පොත ඇතුළුව අන්තර්ජාල සේවාවන් ඔස්සේ පළකර තිබෙන දැන්වීමකට අනුව එහි සේවය කිරීමට ඇති ස්ථානය මුල් පිටුව කාර්යාලය ලෙස සඳහන් කර ඇත.
මෙම රැකියාව අන්තර්ජාලය ඔස්සේ කරගෙන යෑමට අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් බවද එම දැන්වීමෙහි සඳහන් කර ඇත.
වට්සැප් මාර්ගයෙන් මෙම රැකියා ව්‍යාපෘතිය හා සම්බන්ධ විය හැකි බවත් දෛනිකව ක්‍රියාත්මක මෙම අර්ධ කාලීන රැකියාව මගින් දෛනිකව රුපියල් 17,500ත් 46,000ත් අතර මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවද එහි සඳහන් කර ඇත.
මේ සඳහා සම්බන්ධ වන්නන් හට සෑම දිනකම මිනිත්තු 3කදී තමන්ට හිමි කොමිස් මුදල ලබාගත හැකි බව සඳහන් කර තිබුණ ද මෙම රැකියාවේ තත්ත්වය කුමක්දැයි දැන්වීම් කරුවන් විසින් සඳහන් කර නොමැත.
මීට සම්බන්ධ වන්නන් ඒ සදහා ලියාපදිංචි වීමට රුපියල් 2,000ක මුදලක් කිසියම් ගිණුමකට බැර කළ යුතුව තිබෙන අතර ඉන් පසුව ඔවුන් සමඟ සම්බන්ධ වූ දුරකථන සබඳතාව මෙම වංචනික ජාවාරම්කරුවන් විසින් විසන්ධි කර දමන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ බවට පළ කර තිබීම හේතුවෙන් මේ වන විට මෙම අන්තර්ජාල වංචාවට විශාල පිරිසක් හසු වී තිබෙන බවද වාර්තා වේ.