මාලිමාවේ නව කැබිනට් මණ්ඩලය පත් කරන්න සූදානම්.!

ජාතික ජන බලවේගය නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය එළඹෙන (18) වැනිදා පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

නොවැම්බර් (21) වනදා නව පාර්ලිමේන්තුව කැඳවන බවත් අනතුරුව දියුණු රටක් ගොඩනැගීමේ කාර්ය ආණ්ඩුව විසින් ආරම්භ කරන බවද විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 25කට උපරිමව පත් කිරීමට නියමිතව බවත් රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන ඇමතිවරුන් කිසිවකු නව රජය යටතේ පත් නොකරන බව ජනාධිපති අනුර දිසානායක පසුගියදා සදහන් කළේය.

Loading