බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් “OPEC+” සංවිධානය එළැඹෙන මැයි මාසයේදී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සිය එකඟතාව පළකර ඇත.
ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.
සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර ඇත.
එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩි කළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

