By unusuma.lk on
(LK time)පසුගිය දිනෙක මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු පසුගියදා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට කඩා වැදී එහි කලබල කර ඇතැයි වාර්තා වේ.
ඒ තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ ප්‍රධානියකු කෝටි 50ක මුදලක් ලබාගෙන මන්ත්‍රී ධූරය නොදුන් බැවින් තම මුදල් වහා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමිනි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා කෝටි 50ක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ පසුගිය වකවානුවේ මහත් කතාබහට ලක්වූ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවී ඇති අතර කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වූ බව වාර්තා වේ.
කෙසේවෙතත් අදාල ව්‍යාපාරිකයා එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත් එම පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකි.
ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් ” ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ ” යනුවෙන් පවසා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
අනතුරුව ව්‍යාපාරිකයා ” මම ඕක බේරගන්නම්කෝ” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව සම්බන්ධව සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව සඳහන් කළේය.
ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව එහි ආරංචි මාර්ග ඇතැයි වාර්තා වේ.
News Source – Lankadeepa