By unusuma.lk on
(LK time)එළඹෙන ජුනි (09) වැනිදා සිට බලාත්මක වන පරිදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි, ලිබියාව, සෝමාලියාව සහ සුඩානයට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නියෝගය නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, දූෂිත විදේශකයින් සිය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.