නියෝජ්‍ය පොලිස්පතිවරුම 10ක්.. පාතාලයට කෙඳෙරිගෑවෙන තීන්දුවක්.!

දිවයින පුරා ඉහළ යමින් පවතින වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම පිණිස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර ඇත.

මෙම කමිටුවේ සභාපතිවරු ලෙස කටයුතු කරනු ලබන්නේ බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අතර ඊට අමතරව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු ද එම කමිටුවට ඇතුළත් කර ඇති බව සඳහන්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, පොලිස් විශේෂ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනකු ඇතුලත් මෙම කමිටුවට, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 20 දෙනකු ඇතුලත් වේ.

ඊට අමතරව අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර සහ දකුණ අපරාධ කොට්ඨාසය හා කළුතර, ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් ද එම කමිටුවේ සාමාජිකයන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.