By unusuma.lk on
(LK time)පාකිස්තානයේ අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ හදිසි ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි ගින්න හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන් තොටුපොළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපොළ බළධාරීන් පියවර ගෙන ඇත.
මෙම ගින්න සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ බළධාරීන් සැක පළ කරන්නේ, පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමේදි එහි ටයරයක් ගිනි ගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි.