පකිස්තානයෙන් ආයාචන මැද මෝදි උදම් අනයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙවන් පසුබිමක ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම අගමැති මෝදි වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්තානය, ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවටයි.

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැඩි දුරටත් පවසා සිටියේ,

“පාකිස්තානයට ආරක්ෂාවී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ත්‍රස්තවාදය මර්දනය කළ යුතුයි. සාමය ළඟාකර ගත හැකි වෙනත් ක්‍රමයක් නැහැ. ජලය සහ රුධිරය එකවර ගලායාමට නොහැකියි. ඉන්දියාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ප්‍රතිචාර හිමි වේවි.” යනුවෙනි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments