ගාන්ධාර දේශයේ බෞද්ධ උරුමය යලි හෙළයන් අතට.!

පාකිස්තාන රජය පාර්ශවයෙන් ෙරට පිහිටි ඓතිහාසික බෞද්ධ නටබුන් නඩත්තුව සඳහා ශ්‍රී ලංකාවේ බෞද්ධ නියෝජිතයන්ට ලබා දීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව, ලාහෝර්, තක්ෂිලා සහ පේෂාවර් යනාදී ප්‍රදේශවල පිහිටි මෙම නටබුන් සහිත තැන් සුරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා පාර්ශ්වකරුවන් වෙත ලැබෙනු ඇතැයි පැවසේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.

දැනට ඉන්දියාවේ ජෛන ආගමිකයන්ට මෙම අවස්ථාව ලබාදී ඇතැයි ද ඒ අනුව පාකිස්තානයේ පිහිටි ජෛන ආගමික නටබුන් සුරක්ෂා කිරීමේ මිත්‍රශීලි භූමිකාවක් ජෛන ආගමික නියෝජිතයන් විසින් දරනු ලබන අතර මෙම පූර්වාදර්ශය අනුව යමින් ලංකාවේ බෞද්ධාගමිකයන්ට ද එම අවස්ථාව ලබාදීමට හැකි බව පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා විජිත හේරත් අමාත්‍යවරයාට පවසා ඇත.

වර්තමානයේ ඉස්ලාම් ආගමික රටක් ලෙස හැඳින්වුවද ඉපැරැණි බෞද්ධ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන පාකිස්තානය අතීතයේ ගාන්ධාර දේශය ලෙසින් හැඳින්විය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.