වසර 34ක් වැසුනු පාර අද ඇරෙයි.!

පසුගිය යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන මෙම මාර්ගය ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි.

අදාළ මාර්ගයේ පයින් හෝ පාපැදියෙන් ගමන් කිරීම තහනම් වන අතර මගී ප්‍රවාහන බස්රථ හැර අනෙකුත් බර වාහන කිසිවක් ධාවනය කළ නොහැකිය.

එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් සිය අනන්‍යතාවය තහවුරු කල යුතුය.

එමෙන්ම කිසිවිටෙකත් රථ වාහන මාර්ගයේ නවතා තැබීමක් හෝ හැරවීමක් සිදුකළ නොහැකිය.

කිසිදු මොහොතක ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම තහනම් බව ද අදාළ මාර්ගයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වේ.

මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40ක් බව ද දැනුම් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments