By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුව තුළ ඉතා වැදගත් කාරක සභාවක් ලෙස සැළකෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.
නලින් බණ්ඩාර මහතා පවසන්නේ සාමාජිකයන් 31 දෙනෙකුගෙන් සංයුක්ත වන පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12ක නියෝජනයක් ඉල්ලා සිටියත් එය හත් දෙනෙකුට සීමා කර ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම නව පිළිවෙත මගින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක් කර ඇතැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ කෝප් කමිටු සභාපතිත්වය හා සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් ඊට නාමයෝජනා නොකිරීමට තම පක්ෂය ද එකඟ බවයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව යෝජනා වී සම්මත වූ අතර කෝප් කමිටුවේ එම මංගල හමුවට සහභාගී වූයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු පමණි.