By unusuma.lk on
(LK time)අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කරන පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් ප්‍රශ්න කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ එහි පෙනී සිටි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පාර්ලිමේන්තු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑත බාගයේදී කැඳවුණු පළමු අවස්ථාව මෙය වන අතර ආචාර්ය පදවියක් සදහන් කරමින් සභානායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලයට බාරදී තිබූ ලියවිල්ලක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවී ඇත.
කෙසේ වෙතත් එම ලිපිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.