By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇති අතර පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.
සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබිණැයි වාර්තා වේ.
කෙසේ වෙතත් නීතිඥ හර්ෂණ නානායක්කාර පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව වාර්තා වේ.