By unusuma.lk on
(LK time)රජය මේ දක්වා රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් දරා විශ‍්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදී තිබෙන බව වාර්තා වේ.
එම නිලධාරියා පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් මේ දක්වා දරා ඇති බවද වාර්තා වේ.
මෙම නිලධාරියා වසර විසි නවයක සේවයෙන් පසුව පසුගිය වසරේ මැයි මාසයේදී විශ්‍රාම ලැබු බවත් එම විශ්‍රාම ලැබු නිලධාරියා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 6කට ආසන්න දීමනාවක් මෙන්ම වෙනත් පහසුකම් ලබාදෙන බවද වාර්තා වේ.
විශ්‍රාම ගොස් දින කිහිපයකින් පසුව ලේකම් ධූරයට ඔහු පත් කෙරුණේ පසුගිය රජයේ ප්‍රධානියකුගේ ආශිර්වාදයෙන් වන අතර එම ධූරය දැනට පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට කරගෙන යෑමට හැකියාව තිබියදී විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීම විහිළු සහගත කාරණයකි.