අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් (06) දින පාර්ලිමේන්තුවේදී උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනා වලට අනුමතිය හිමිව ඇත.
ඒ අනුව ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද හොරණ මහවත්තේ ගෙදර සමන් කුමාර් චන්ද්‍රසිරි, කෙන්යා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද වර්ණකුලසූරිය පීටර් රොහාන් ධම්මික ප්‍රනාන්දු, ලෙබනන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද අනුර විතානගේ සහ පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස නම් කරන ලද මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් යන නාමයෝජනා වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.

