හිලව් දීමනා කපයි.. දියවන්නාවේ පූර්වාදර්ශය රාජ්‍ය සේවයටම ඉඟියක්.!

රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු සේවකයන්ගේ අතිරික්ත නිවාඩු දින දීමනා නොගෙවීමට රජය තීරණය කර ඇත.

රජයේ ආරංචිමාර්ග පවසන්නේ, මෙම අතිරික්ත නිවාඩු දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වීමෙන් එය සමස්ථ රාජ්‍යසේව්‍යට නරක පූරාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් රජයට උපදෙස් ලබාදී ඇති බවයි.

මෙම දීමනාව සඳහා පාර්ලිමේන්තුවේ 1200ක් පමණ සේවකයින් හිමිකම් ලබා සිටිනා බව වාර්තා වන අතර ඒ අතරින් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.