By unusuma.lk on [last-modified] (LK time)
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇති බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් දෙකක් පමණක් බවද වාර්තා වෙයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති බඩු භාණ්ඩ එහි ප්‍රධානීන්ගේ උපදෙස් මත සේවකයන් විසින් ඉහළ මාලයට රැගෙන යනු ලැබීය.
ජල ගැල්මක් ඇති වුවහොත් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂයෙන්ම පහළම පිහිටි කමිටු කාමර ප්‍රථමයෙන්ම ජලයෙන් යට වීමට වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඒවායේ පොත්පත් ගෘහ උපකරණ ඇතුළු බඩු භාණ්ඩ මෙසේ ඉවත් කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලි කොට්‌ට ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ.
දියවන්නා ඔයේ ජල මට්ටම ගැන අවධානයෙන් සිටීමට නාවික හමුදා කණ්ඩායමක්ද යොමු කරනු ලැබ සිටී.
වැසි සහිත කාලවලදී ඉහළ ප්‍රදේශවල ජලය ගලා ඒමෙන් දියවන්නා ඔය ඉතා ඉක්මනින්ම පිරී යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.






