By unusuma.lk on
(LK time)මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයන් සිදුකළ විමර්ශන වලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් මේ වනවිට හෙළිවෙමින් ඇති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය හා බැඳී ඇති වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනිඅවි පැහැර ගැනීම සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන්ට පවා ඇතැම් ඉහළ නිලධාරීන් විසින් එල්ල කරන ලද බලපෑම් ගැන තොරතුරු හෙළිවෙමින් ඇති බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන් මරා දැමීම LTTE ක්‍රියාවක් බවට පෙන්වීමට LTTE හිටපු සාමාජිකයකුගේ නිවෙසේ තිබුණු ජැකට්ටුවක් පොලිස් නිලධාරීන්, ඝාතනය වූ ස්ථානය අසලට දමා එම සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම විමර්ශනයේදී සුවිශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වන රිස්වී කාලිද් සමීර් විසින් පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ස්වාධීනව ලබාදුන් එකක් නොවන බවත් එය බලහත්කාරයෙන් ලබාගත් එකක් බවත් සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණය කරුණු මතු කර තිබුණි.
ඉන් අනතුරුව අධිකරණය විසින් ඒ පිළිබඳව පොලිස් සාක්ෂි, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂි ඇතුළු සාක්ෂි කැඳවා විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළේය.