By unusuma.lk on
(LK time)මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නන්ගර නඩු සියල්ල විභාගයට ගැනීමට නියෝග කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වගඋත්තරකරුවන් කරමින් කටුවා පිටිය බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූ වින්දිතයින් පැවරූ වින්දිත නඩු 182 අදාළව මෙම නියෝගය නිකුත් කළේය.