පාස්කු ප්‍රහාරයට වසර 5යි.. හෙළිකර නොගත් කරුණු 5ක් හෙළිකරයි.!

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් සම්පුර්ණ වන අප්‍රේල් (21) වැනිදා වන විටත් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ නොකිරීම මහ මොළකරු හෙළි කිරීමට බාධාවක් වී ඇතැයි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා පවසයි.

මෙම මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවු කරුණු 5ක් ඔස්සේ පරීක්ෂණ පවත්වන්නේ නම් වැදගත් තොරතුරු රැසක් හෙළි වනු ඇති බවත් විමර්ශන කණ්ඩායම් අසාර්ථක වී ඇත්තේ බුද්ධි අංශ සාමාජිකයන් එයට සම්බන්ධ බවට අනාවරණය වීම නිසා බවද රොහාන් සිල්වා පියතුමා පවසයි.

මේ අතර තම කණ්ඩායම විසින් සොයාගත් කාරණා ඔස්සේ පරීක්ෂණ කළහොත් බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන බව සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ අංශයේ සාමාජික මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සදහන් කරයි.

විදේශගතව සිටිමින් චැනල් ෆෝ නාළිකාව ඔස්සේ අනාවරණයක් කළ හන්සීර් අසාත් මවුලානාගේ ප්‍රකාශ වලට අදාළ කරුණු සහ ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීම් අනුව කටයුතු නොකිරීම පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු නොවූ බවද මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සදහන් කරයි.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බ පිපිරීමෙන් මරණයට පත් වූ අබ්දුල් ලතිෆ් මොහොමඩ් ජමීල් සම්බන්ධ කරුණු, සහරාන් සමග සම්බන්ධ වූ අබුහින්ද් සම්බන්ධ කරුණු, කල්මුණේ සයින්දමරුදු, බොලිවේරියන් ග්‍රාමයේ ප්‍රහාරයේදී පලා ගියායි සැක කරන පුලස්ති මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් සම්බන්ධ කරුණු සහ සයින්දමරුදු පිපිරීම ගැන මෙතෙක් පරීක්ෂණ අංශ අවධානය යොමු කර නැතැයි ද මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සදහන් කරයි.

එම කාරණා ඔස්සේ පරීක්ෂණ කරන්නේ නම් බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව තිබියදී ඒවා පිළිබඳ අවධානය යොමු නොවන්නේ තවදුරටත් මහ මොළකරු ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් නිසාද යන්න පිළිබඳ සැකයක් මතුවන බැවින් එම කරුණු 5 ඔස්සේ පරීක්ෂණ කරන ලෙස විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඉල්ලීමක් කරයි.

සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments