අවසන් වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කරයි.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් වන්නේ,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් ඒ අනුව මතු වන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරි නෛතික කටයුතු සිදුකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments