By unusuma.lk on
(LK time)පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග 43 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පානදුර හොරේතුඩුව පාලම අසලදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහාලන බහලුමක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනි අවියක් බව පොලීසිය සඳහන් කරයි.