By unusuma.lk on
(LK time)රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ජනතාවට ලබාදෙමින් ඔවුන්ගේ වකුගඩු ලබාගෙන ඒවා රුපියල් කෝටි තුන හතරකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් රට තුළ මේ වනවිට ක්‍රියාත්මක බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
ඒ අනුව මහා පරිමාණ වකුගඩු ජාවාරම ගැන වහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
මෙම වකුගඩු ජාවාරමට මෙරට රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් හවුල් කරගෙන සිටින බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
වකුගඩු ලබා ගැනීමේ ශල්‍යකර්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලදී කරන බවට මීට පෙර යම් පාර්ශ්ව පොලිසිය වෙත පැමිණිලි කර තිබුණද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන මෙතෙක් ගැඹුරින් විමර්ශනයක් කර නැති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.