By unusuma.lk on
(LK time)ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.
ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කර ඇති බව දැනගන්නට ඇත.
තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
(Lankadeepa)