පොස්පේට් ගණුදෙනුවට සම්බන්ධ ලොක්කෙක් ගිනි අවි සමග අත්අඩංගුවට.!

රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින් එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්‍රන්ඩ් ඇන්ඩ් ටු වර්ගයේ බලපත්‍ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝලයක්, එම උණ්ඩ 20ක් සහ එස්.එල්.ජි සිරෝ වන් ටු ත්‍රි රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.

පසුගිය රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය කිරීම සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මේ අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අවසර ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments