පියුමි හංසමාලි නිර්දෝෂීයි.!

අද (1) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඉහිදී ඇය පවසා සිටියේ, ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත්ය.

කාන්තාවක් ලෙස යමක් හැදෑරීමෙන් පසුව ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි බැවින් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තමාට අයත් බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර ගිණුම් නවයක් පමණක් ඇති බවත් ඒ සෑම ගිණුමක්ම ව්‍යාපාරිකයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය පැවසීය.

එමෙන්ම ඇය අලෙවිකරණා රූපලාවණ්‍ය නිෂ්පාදනයක් රුපියල් 35,000ක් පමණ වන බවත් මේ වනවිට බොහෝ ප්‍රමාණයක් අලෙවි වී ඇති බවත් ඊට අදාල තොරතුරු තමා සතු බවත් ඇය පැවසීය.

තමාට අයත් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන බව පැවසූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close