By unusuma.lk on
(LK time)ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් උපයාගත් යැයි පැවසෙන නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සඳහා නැවත වරක් ඇය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ඊයේ (04) කැඳවා තිබුනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිතී අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිට අයත් BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට මාස කිහිපයකට පෙර විමර්ශනයක් ආරම්භ කළේය.
කෙසේවෙතත් ඊයේ (04) කැඳවීමෙන් අනතුරුව ඇයගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි.