අසල්වැසි ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම යානය ඊයේ (23) පස්වරු 7:11ට රාංචි ගුවන්තොටුපළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර ඇති අතර අනතරුව පස්වරු 7:30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී ඇත.
පසුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ නව දිල්ලිය බලා ගමන් ආරම්භ කළ මෙම යානය ඝන වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි.
රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
