අර්චුනාගෙන් තවත් වීර වික්‍රමයක්.!

ඊයේ (14) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා එහි සිටි නිලධාරීන්ට බැණ වැදීම හා තර්ජනය කිරීම හේතුවෙන් එම රැස්වීමට සහභාගී වූ සියළුම දෙනා රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන ලෙසට ඒකමතිකව ඉල්ලීම් කළ බව වාර්තා වේ.

රැස්වීමට සහභාගී වූ යාපනයේ මන්ත්‍රීවරු හා රාජ්‍ය නිලධාරීන් විසින් රාමනාදන් අර්චුනා මහතාව එම රැස්වීම් ශාලාවෙන් ඉවත් කරන ලෙසට ඉල්ලීම් කර ඇත්තේ ඔහු විසින් යාපනයේ සංවර්ධන කටයුතු පිළිබදව කරුණු සාකච්ඡා වූ අවස්ථාවේදි නිලධාරීන් විසින් දක්වන අදහස්වලට විරුද්ධ අදහස් දක්වමින් කෑකෝ ගසන්නට පටන් ගැනීම හේතුවෙන් බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් තමන් රැස්වීමෙන් පිටව යන බව නිලධාරීන් තරයේම ප්‍රකාශ කිරීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු විනාඩි කිහිපයකට නතර කිරීමට සිදුවී ඇති අතර ඒ අවස්ථාවේදී ධීවර අමාත්‍ය හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කරගෙන රැස්වීම නැවත පවත්වා ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.