By unusuma.lk on
(LK time)පොලිස් මූලස්ථානය පවසන්නේ ගත වූ පැය 24 තුළ පොලිස් විසින් විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 251 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
අද දිනයේ මෙතෙක් බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට හැකිවූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ඉකුත් 23 වනදා සිට මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්රියාත්මක වූ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය පවසයි.
පසුගිය සතිය තුළ මගී ප්රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම රථවාහන මෙහෙයුම දියත්කිරීමට පොලීසිය කටයුතු කළේය.