By unusuma.lk on
(LK time)පොලීසිය විසින් දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බවත් රිය අනතුරු වාර්තාවීම ඉහළයෑම, ඊට හේතුවී ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.
ඒ අනුව අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු, 119 හෝ 1997 යන දුරකතන අංක වලට දැනුම් දෙන්නැයි, වැඩබලන පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දෙයි.