පොලීසිය මහ රෑට පාර රකී.. විශේෂ පරීක්ෂාවක්.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙසයි.

දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

එමෙන්ම පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments