By unusuma.lk on
(LK time)2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ පසු පශ්චාත් මැතිවරණ සමයේ සතියක් යනතෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය විශේෂ දැනුම් දීමක් කරමින් සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කළේ,
“අද දවසේ පවත්වාගෙන ගිය සාමකාමී තත්ත්වය පශ්චාත් මැතිවරණ සමයේදීත් පවත්වාගෙන යෑමටයි අපි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා සහාය දෙන්න කියලා අපි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කාරණයක් තිබෙනවා..
කිසිම ආකාරයකින් පෙළපාලි යන්නට ඉඩ දෙන්නේ නැහැ. පාගමනින් හෝ රථවාහනවලින්. ප්‍රතිඵල නැරඹීමේදී පොදු ස්ථානවලට ඒකරාශී වෙලා ඩිජිටල් තිර යොදාගෙන නැරඹීමට අවස්ථාව දෙන්නේ නැහැ. එම ස්ථාන අපි විසුරුවා හැරීමට කටයුතු කරනවා.”