By unusuma.lk on
(LK time)පොලිස්පති මහජන සහන මැදිරිය පසුගිය සැප්තැම්බර් (30) වනදා සිට නව ස්ථානයක ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති සහන මැදිරිය අලුතෙන් ස්ථාපිත කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති මහජන සහන මැදිරිය මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.