By unusuma.lk on
(LK time)ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථ වාහන හැසිරවීම අත්හිටුවමින් වැඩබලන පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථ වාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කර ඇත.
රථ වාහන සංඥා ආලෝක පුවරුවල සැකසිම් (Program) තත්ත්කාලයට ගැළපෙන ලෙස මොරටුව විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති අතර අධිපැය රාජකාරි කාලයට ගැළපෙන ලෙස ආලෝක සංඥා යාවත්කාලීන කර නොමැති බවට තහවුරු වී ඇත.
රථ වාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථ වාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇත.