By unusuma.lk on
(LK time)පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් විසින් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු හා ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස ලබාගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
අදාල ව්‍යාපාරිකයාගේ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීමෙන් පසුව පැමිණිලිකරුට රුපියල් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදීමට නියමිතව තිබී ඇති අතර එම වන්දියෙන් කොටසක් වන රුපියල් කෝටි 3ක මුදලට හිමි චෙක්පත ඔහුට ලබාදීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට සැකකාර හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයා ලක්ෂ 90ක මුදලක් ඉල්ලා ඇති අතර එම අල්ලස් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.