ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) දින මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව සිය වසරක සම්ප්රදාය වෙනස් කරමින් උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි.
සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාව පිළිබිඹු කරමින් කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගත්තේය.
ඉතාම සරල වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.