By unusuma.lk on
(LK time)රට පුරා සිදුකරන ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනවාරි මාසය අවසානයේදී හෝ පෙබරවාරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව ජන හා නිවාස සංගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සෙනෙවිරත්න සදහන් කළාය.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීම නිසා දෙසැම්බර් (31) දිනට පෙර මුල් වාර්තාව සකස් කිරීම නොහැකි වූ බවත් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ මෙම සංගණන කටයුතු සදහා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ 35,000ක් පමණ පිරිසක් සහභාගි වූ බවද ඇය සදහන් කළාය.
2014 වසරෙන් පසු වසර 10කින් සිදු කරන මෙම සංගණනයේ මූලික අරමුණ ඉදිරි වසර සදහා ජාතික ප්‍රතිපත්තියන් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම බවද ඇය අවධාරණය කළාය.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් පදිංචිකරුවන් නිවෙස්වල නොසිටීම නිවෙස් වසා දමා පිටත ගොස් සිටීම ආදී කරුණු මත සංගණන කටයුතු ප්‍රමාද වී ඇතැයිද ඒ අනුව මෙම මස අවසානයට පෙර හෝ පෙබරවාරි මුල අවසන් වාර්තාව භාරදීමට හැකි වන බවද ඇය සදහන් කළාය.