හැංගිලා ඉන්න ප්‍රසන්න කූඹි ගුලෙන් එළියට.!

ඉඩමකට ව්‍යජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ වනවිට සැගවී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සැගවී සිටින තැනින් එළියට ආවේ නැතිනම්, අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරල තිබියදී දේපල පවරගන්න පුළුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“මේ වෙලාවෙත් හිටපු ඇමතිවරු තුන් දෙනෙක් රිමාන්ඩ්. එක්කෙනෙක් හැංගිලා.. ඔහේ හිටපුවාවේ. කොයි වෙලාවේ හරි එළියට එයිනේ. හැංගිලාම ඉන්නද.? බලමු.. කළබල වෙන්න එපා. හැංගිලා කොහෙ ඉන්නද කොච්චර කාලයක්. දැන් හිටියනෙ පොලිස්පති හැංගිලා. අන්තිමට ආවේ..

එනවා එළියට.. හරිද.. බලමු. එළියට ආවේ නැත්තම්.? තවත් නීතියක් තියෙනවා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරල තිබියදී හැංගිලා ඉන්නවනම් දේපල පවරගන්න පුළුවන්.. ඒක කරනවා නැත්තම්.. එන්ඩ.. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.”

වැලිගම පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments