ජනපති අනුර සහ අගමැති මෝදි අතර දුරකථන සංවාදයක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇත.

සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ශෝකය පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනතාව මෙම අවස්තාවේදි ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ප්‍රකාශ කර ඇත.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායකට සහතික වී ඇත.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සුළි කුණාටුවෙන් ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය. 

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments