ජනපති අනුර පෙරමුණ ගනී.. මාලිමාව වැඩ අරඹයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) දින තංගල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත.

මහ මැතිවරණය මුල්කර ගනිමින් මේ වන විටත් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති අතර ප්‍රාදේශීය මට්ටමේ සිටින ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමේ රැළි පවත්වන ප්‍රමාණය අඩු කර ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාව දැනුවත් කරන ලෙස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදුන් බව ජාතික ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments