ජනාධිපතිවරණ අපේක්ෂකයින් 13කට නඩු පවරයි.!

මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13කට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සදහන් කරයි.

තවද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 1,239කට එරෙහිව මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

ඉදිරි මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...