By unusuma.lk on
(LK time)අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් (02) ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පැන වූ අතර එයට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බව නිවේදනය කළේය.