ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ.!

-උණුසුම කතුවැකිය-

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මවගේ සුවදුක් විමසීමට ගොස් ඇති ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.

ජනාධිපතිවරයාගේ මව රෝගී තත්ත්වයකට අනුරාධපුර ජාතික රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව දැනගන්නට ලැබේ.

හිටපු මැති ඇමතිවරු පවා ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් මුදල් ලබාගෙන සිංගප්පූරුවේ එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් ඉතිහාසයක් ඇති රටක විධායක ජනාධිපතිවරයා වශයෙන් ඕනෑ තරම් පහසුකම් තිබියදී මෙවන් ආදර්ශමත් ජනාධිපතිවරයෙකුගේ නායකත්වය රටකට ලැබීම භාග්‍යක් සේ අපි විශ්වාස කරමු.

එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තිදෙනෙකු පමණක් සිටි පක්ෂයක නායකයා වශයෙන් “ඔබ්ට නොමැති කිසිවක් මට එපා” යනුවෙන් සිදුකළ ප්‍රකාශය අදටත් වලංගු බව ජනපතිවරයාගේ භාවිතාව තුළින් තහවුරු කර තිබේ.

ජනපතිවරයාගේ මවට දීර්ඝායුෂ ලැබේවායි අපි එකසිතින් පතනෙමු.!

Loading

Tell me 💬
Notify of
guest
12 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.