By unusuma.lk on
(LK time)ජනාධිපතිවරයා අද (30) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.
මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙසත් ඒ සඳහා මාර්ගගත ක්‍රම අනුගමනය කිරීමේ ඇති හැකියාවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතුවන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නේය.
එමෙන්ම, බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතුවන චෝදනා පිළිබඳ මෙහිදී ජනපතිවරයාගේ අවධානයට ලක් වූ අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
මේ වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී ජනපතිවරයාගේ අවධානය යොමු විය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යේ නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.