By unusuma.lk on
(LK time)2025 ජනවාරි 14 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතා සිය දෙවන නිල විදේශ සංචාරය ලෙස චීනය බලා පිටත්ව යාමට නියමිත අතර 2025 ජනවාරි 17 වැනිදා සංචාරය අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවට විශාල මූල්‍යාධාර සහ ආයෝජන ලබාදීමට චීන රජය සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම සංචාරය සඳහා කටයුතු සංවිධානය කිරීමට සහ ජනපතිවරයාගේ ආරක්ෂාවට අදාළ මෙරට කාර්යමණ්ඩලය දැනටමත් චීනයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර නව ආර්ථික සහයෝගීතාවන් ඇති කිරීමට අපේක්ෂා වන අතර, විශේෂයෙන් යටිතල පහසුකම්, කෘෂිකාර්මික, සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍යාධාර අතර, හම්බන්තොට වරායේ කාර්මික ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක ආයෝජනයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 41ක ආයෝජනයක් ඇතුළත් බව වාර්තා වේ.
එසේම, චීනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක ණයක් ලබාදීමට ද සූදානම් වී සිටිනා බව පැවසේ.
එමෙන්ම, අනුර කුමාර ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දීය සංචාරය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව සම්බන්ධතා පුළුල් වීමත් සමග, චීනය ද ශ්‍රී ලංකාවට වඩාත් සමීප සහයෝගීතාවක් දක්වනු ඇති බව විචාරකයන්ගේ මතයයි. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා වැදගත් මංසලකුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.